25 October 2025

logo

ඉදිරි පැය 24 කාලගුණය දරුණු අතට



ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම පද්ධතිය ඉදිරි පැය 24 තුළ තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කරන බවයි. 

නැවත දැනුම් දෙනතුරු උතුරු අක්ෂාංෂ 05ත් 18ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම්දී තිබෙනවා. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට එම ප්‍රදේශයේ ධීවර කටයුතු කරමින් සිටී නම් ඔක්තෝම්බර් 25වනදාට පෙර එම මුහුදු ප්‍රදේශවලින් ඉවත්වන ලෙසයි.

(colombotimes.lk)