14 May 2025


කුඩා ළමුන් අතර සමේ රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්



කුඩා ළමුන් අතර සමේ රෝග ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළා. 

 
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමඟ මෙසේ සිදුවන බවයි. 
 
එමෙන්ම දෙමව්පියන් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවද ඔහු සඳහන් කළා. 
 
මීට අමතරව වියළි කාලගුණ තත්ත්වයත් සමඟ විජලනය වැනි රෝගී තත්ත්වයක් ද ඇති විය හැකි බව සඳහන්.
(colombotimes.lk)