13 May 2025


දිස්ත්‍රික්ක 12ක ඩෙංගු මර්දන වැඩසටහන් ඉදිරියේදී



ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සහය ඇතිව දින 3ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව ලබන 14, 15 සහ 16 යන දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක් ආවරණය වන පරිදි මෙම විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එහි ප්‍රජා වෛද්‍ය වි‍ශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 72ක් මින් ආවරණය වන බවයි.
(colombotimes.lk)