ඩෙංගු මර්ධනය සඳහා දින 3ක විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය කටයුතු කර තිබෙනවා.
එම ඒකකය සඳහන් කළේ ඒ අනුව අද (08) හෙට (09) සහ අනිද්දා (10) යන දිනයන් තුළ එම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.
එමෙන්ම දිස්ත්‍රික්ක 12කට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 72ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ජුනි 5වනදා වන විට රෝගීන් 36,168ක් වාර්තා වූ බවයි.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.
ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ ඊට අමතරව මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවලද රෝගීන් වාර්තා වී තිබෙන බවයි.
(colombotimes.lk)
