ඉබෝලා වෛරසය ආසාදනය වී තිබෙන බවට සැක කෙරෙන කාන්තාවක් සම්බන්ධයෙන් තොරතුරු ඉන්දියාවේ ජයිපූර් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට සෞඛ්‍ය බලධාරින් මේ වන විට ඇයගේ රෝගය සම්බන්ධයෙන් රසායනාගාර වාර්තාව අපේක්ෂාවෙන් පසුවන බවයි.
උගන්ඩා ජාතික කාන්තාවක් වන ඇය ඊයේ (05) පෙරවරුවේ සාර්ජාහී සිට ජයපූර් වෙත පැමිණ තිබෙනවා.
ගුවන්තොටුපළෙහි සිදු කරන සාමාන්‍ය පරීක්ෂාවකදී ඇයට ඉබෝලා වෛරස් රෝගයට සමාන ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර ඉන් අනතුරුව ඇය ජයිපූර්හී RUHS රෝහලට ඇතුළත් කර දැඩි හුදකලාවේ තබා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
