සහරා කාන්තාරය හරහා ගමන් කරමින් තිබූ ට්‍රක් රථයක් කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ගමන් ගත් පුද්ගලයන් 49දෙනෙක් දැඩි පිපාසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
ඔවුන්ගේ මළසිරුරු ඊයේ (05) සොයාගෙන තිබෙනවා.
මාලි සහ ඇල්ජීරියා දේශසීමාව ආසන්නයේ පිහිටි 'අසමකා' ප්‍රදේශයේ සිට කිලෝමීටර් 80කට වඩා (සැතපුම් 49) බටහිර දෙසින් මෙම ට්‍රක් රථය කාර්මික දෝෂයකට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
