08 June 2026

logo

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි



හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහල්ගත කිරීමත් සමඟ ජාතික රෝහල හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙන බව පොලීසිය පවසනවා.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යොදවා ඇති බවයි.

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. 

පොලීසිය සඳහන් කළේ වෛද්‍ය උපදෙස් මත ඔහු ඊයේ (07) රාත්‍රියේ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.

(colombotimes.lk)