18 May 2025


ඩෙංගු රෝගීන් 20000 ඉක්මවයි



2025 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 20,588ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

ජාතික ඩෙංගු රෝග මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ මෙම මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 3000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
 
(colombotimes.lk)