04 March 2025


අධිකරණයට භාරවූ වැඩබලන OICට ඇප



මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවූ වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාව ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප 2ක් මත බවයි වාර්තා වන්නේ.

වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා මෙලෙස අධිකරණයට භාරවී තිබෙනවා.

(colombotimes.lk)