කවපෙත්ත විසිකිරීමේ ලෝක වාර්තාව යළි අලුත් කිරීමට ලිතුවේනියාවේ මිකොලාස් ඇලෙක්නා ඊයේ (13) සමත්වුණා.
ඒ ඇමරිකාවේ පැවති ඔක්ලහෝමා ලෝක ආරාධිත මළල ක්‍රීඩා තරගාවලියේදීයි.
එහිදී ඔහු මීටර් 75.56ක දක්ෂාවක් දක්වා මෙම වාර්තාව පිහිටුවා තිබෙනවා.
ඒ අනුව කවපෙත්ත විසිකිරීමේදී මීටර් 75 සීමාව ඉක්මවා ගිය පළමු ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක්වුණා.
22 හැවිරිදි වියේ පසුවන ඇලෙක්නා මෙම ඉසව්වේ පෙර ලෝක වාර්තාවේද හිමිකරු වීම විශේෂත්වයක් .
ඔහු පසුගිය වසරේදී මීටර් 74.35ක් විසිකරමින් එම වාර්තාව පිහිටුවා තිබෙනවා.