02 June 2025


ලෝකයේ භයානකම කුරුල්ලන් තිදෙනෙකු මෙරටට



ද්විත්ව වොට්ල් කැසෝවාරි පක්ෂීන් (Double-wattled Cassowary) තිදෙනෙකු තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබෙනවා. 

ඒ සත්ව හුවමාරු වැඩසටහන යටතේයී. 
 
මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට පැමිණි MH179 මැලේසියානු ගුවන් යානයෙන් මෙම පක්ෂීන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා. 
 
Cassowary කුරුල්ලන් අඩි පහක් පමණ උසට වැඩෙන අතර බර කිලෝග්‍රෑම් 60 ක් පමණ වනවා. 
 
ඔවුන්ගේ මුහුණේ පෙනුම සහ හැසිරීම් රටාවන් හේතුවෙන් 'ලෝකයේ භයානකම කුරුල්ලා' ලෙස මෙම කුරුළු වර්ගය ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. 
 
මෙම පක්ෂීන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත යොමු කර ඇති අතර සත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව විසින් වඳුරන්, කැලෑ කුරුල්ලන් සහ සර්පයන් ඇතුළු විවිධ සත්ත්ව විශේෂ අපනයනය කිරීමට ද සූදානම් වනවා.
(colombotimes.lk)