colombotimes.lk
සිංහල | English

28 March 2024

New York නගරයේ වායු දූෂණය ඉහළට



කැනඩාවේ ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් එරට මෙන්ම ඇමරිකාවේ ඊසානදිග ප්‍රදේශ ද සම්පුර්ණයෙන්ම දුමාරයකින් වැසීගොස් තිබෙනවා. 
 
මේ වනවිට කැනඩාව තුළ 400කට ආසන්න ලැව්ගිනි ප්‍රමාණයක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. 
 
මෙම තත්ත්වය නිසා නිව්යෝර්ක් ගුවන්තොටුපළ හරහා සිදුකරන ගුවන් ගමන් ද තාවකාලිකව නවත්වා තිබෙනවා. 
 
පසුගිය බදාදා (7) දිනයේදී නිව්යෝර්ක් නගරයේ වායු තත්වය ජාත්‍යන්තර වායු තත්ව දර්ශක ශ්‍රේණිගත කිරීම්හි 400 වෙනි ස්ථානයට ද පත්ව තිබුණා.
(colombotimes.lk)