උතුරු ජපානයේ හොක්කයිඩෝ ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය වාර්තා කළේ එය රික්ටර් මාපක 6.2ක ප්‍රබලත්වයකින් යුතුව හටගත් බවයි.
කෙසේ වෙතත් අදාළ භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
නමුත් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ ප්‍රබල කම්පන ඇති වූ ප්‍රදේශවල ගල් කඩා වැටීම් සහ නායයෑම් අවදානම වැඩි වී ඇති බවයි.
(colombotimes.lk)
