17 January 2025


ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාවට පවරා දෙයි



ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ පසුගිය පෙබරවාරි 19 වනදා ඒ පිළිබඳව සාකච්ජා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට දැනුම් දීමෙන් අනතුරුවයි.

එම වාර්තාව මගින් දේශීය සහ විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඇහැලේපොළ වලව්ව ආශ්‍රිතව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වලව්ව සහ ඊට අයත් භූමිය, පූජා ඔප්පුවක් මඟින් දළදා මාළිගාව වෙත පවරා දීමට නියමිතයි. 
(colombotimes.lk)