16 June 2025


හිටපු අමාත්‍යවරයෙක්ට අයත් ආයතන 3ක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට නියෝග



හිටපු අමාත්‍ය දයා ගමගේට අයත් බව කියන ආයතන 3ක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබෙනවා. 

ඒ අනුව ජූලි 2වනදා පෙරවරු 10.00 මෙම වෙන්දේසිය සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

ෆිනෑන්ස් සමාගමකට අයවිය යුතු රුපියල් 104,229,342ක මුදලක් අයකර ගැනීමේ අරමුණින් එම ආයතන 3 ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට තීන්දු කර තිබෙනවා. 

දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ. 

 
(colombotimes.lk)