11 July 2025

logo

ඉරානයේ ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල



ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හමුවේ ගොඩනැගිල්ලක වීදුරුවක් කඩා වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා තිබෙනවා. 

මෙලෙස තුවාල ලබා ඇත්තේ ඊශ්‍රායලයේ බැට්යම් ප්‍රදේශයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් බවයි වාර්තා වාර්තා වන්නේ. 

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවයි. 

 
(colombotimes.lk)