13 May 2025


වෙසක් දන්සැල් 08ක් අත්හිටුවයි



නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සැල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ තවත් දන්සැල් 17ක් නිසි උපදෙස්වලින් අනතුරුව පවත්වාගෙන යාමට අවසර ලබාදුන් බවයි.
 
වෙසක් පොහොය නිමිත්තෙන් ඊයේ (12) දිවයින පුරා දන්සල් රැසක් සංවිධානය කර තිබූ අතර සියලු දන්සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක්වී තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ අද දිනයේත් පවත්වන දන්සැල් පරීක්ෂා කිරීමේ කටයුතුවල නිරත වන බවයි.

(colombotimes.lk)