තම මවගේ ගර්භාෂයේ සිටියදීම මොළයේ සැත්කමකට භාජනය වූ සති අටක් වයසැති දැරියක පිළිබඳ අමෙරිකාවෙන් වාර්තා වනවා.
බොස්ටන් හි ලුසියානා පළාතේ රෝහලකදී මීට සති කිහිපයකට පෙර එම සැත්කම සිදු කර ඇත්තේ ඉතිහාසයේ පළමු වරටයි.
දැරිය ඉපදීමට පෙර මාරාන්තික ජානමය ආබාධයකට ගොදුරු වී ඇතැයි අනාවරණය වීමෙන් පසු විශේෂඥ වෛද්‍යවරු එම සැත්කම සිදු කර තිබුණා.
ඊට මිනිත්තු 20ක පමණ කාලයක් ගත වී තිබෙන බව ‘ඩේලි මේල්‘ වාර්තා කළා.
නූපන් දරුවකුට මොළයේ සැත්කමක් සිදු කිරීම වෛද්‍ය විද්‍යාවේ දියුණුව පෙන්නුම් කිරීමක් බවත්, තවත් අතකින් එය හාස්කමක් ලෙස ද සැලකිය හැකි බවත් සැත්කම සිදු කළ වෛද්‍ය කණ්ඩායම ප්‍රකාශ කර තිබෙනවා.
ඩෙන්වර් කෝල්මන් නමැති දැරිය මේ වන විට සාමාන්‍ය තත්ත්වයෙන් බිහි වූ දැරියක ලෙස සෞඛ්‍ය සම්පන්නව සිටින අතර, එම සැත්කම සිදු නොකළේ නම් ඇය නව යොවුන් වියට පා තබද්දී ජීවිත අවදානමකට මුහුණදීමට ඉඩ තිබූ බවත්, ඇගේ ජීවිතය රැකගැනීමේ සම්භාවිතාව 50% කින් පමණ අවම වීමට ද ඉඩ තිබූ බවත් වෛද්‍ය කණ්ඩායම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)