19 April 2025


ගත වූ පැය 24 තුළ වාර්තා වූ මැතිවරණ පැමිණිලි තවත් ඉහළට



2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ පැය 24ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම කාලය තුළ නීතී උල්ලංඝණය කිරීම් 61ක් ලැබී තිබෙන බවයි.

එම කාලය තුළ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හා වෙනත් පැමිණිලි කිසිවක් වාර්තා වී නොමැති බවද එම කොමිසම සඳහන් කළා.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මාර්තු 20වනදා සිට 08වනදා දක්වා කාලය තුළ ප්‍රචණ්ඩක්‍රියා 06ක්, නීතී උල්ලංඝණය කිරීම් 891ක් ඇතුළු පැමිණිලි 944ක් ලැබී තිබෙනවා.



(colombotimes.lk)