01 July 2025

logo

මැතිවරණ නිරීක්ෂකයන් 116ක් දිවයිනට



ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් 116 දෙනෙක් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඉන් 78 දෙනෙක් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයන් බවයි.

එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයන් 22 දෙදෙනෙක් සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය නියෝජනය කරමින්  නිරීක්ෂකයන් 9 දෙනෙක් මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා. .

මේ අතර මැතිවරණ කොමිසමේ ආරාධනය මත දකුණු ආසියානු කලාපීය රටවල නියෝජිතයන් 7 දෙනෙක් මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා පැමිණි බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)