මින්නේරිය වැව් පිටිවල අලි ඇතුන් වැඩි වෙයි



මින්නේරිය වැව් පිටිවල වාර්තා වන අලි ඇතුන් සංඛ්‍යාව මේ වසරේ මැයි මාසයේ අවසන් දින කිහිපයේ සිට වැඩිවීමක් පෙන්නුම් කරන බව හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා පවසනවා.

එම වනෝද්‍යානයේ වැව් පිටිවල දක්නට ලැබෙන අලි ප්‍රමාණය පසුගිය වසරේ සිට අඩු වීමක් පෙන්නුම් කළ බවයි ඒ මහතා කියා සිටියේ.

නමුත් මේ වනවිට එහි යම් තරමක වැඩිවීමක් නිරීක්ෂණය වූ බව ඔහු ප්‍රකාශ කළා.

ජුනි මස අවසන් සතියේ අඟහරුවාදා වනවිට මින්නේරිය වැව් පිටිවල අලි ඇතුන් 187ක් පමණ තම පර්යේෂණ කණ්ඩායම්වලට නිරීක්ෂණය වූ බව ඒ මහතා පෙන්වා දෙනවා.

(colombotimes.lk)