02 June 2025


දිවයිනේ සෑම යුධ හමුදා කඳවුරකටම අද සිට විශේෂ අංශයක්



දිවයිනේ සෑම යුධ හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක් අද (26) සිට ආරම්භ කරන බව යුධ හමුදා මූලස්ථානය පවසනවා.

එම මූලස්ථානය සඳහන් කළේ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්න රෙද්‍රිගෝගේ උපදෙස් මත මෙම වැඩ සටහන ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව සෑම හමුදා කඳවුරකම අණදෙන නිලධාරියාගේ අධීක්ෂණය යටතේ මෙම රණවිරු සුබසාධන අංශය අද සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

මෙමඟින් විශ්‍රාමික, ආබාධිත සහ මිය ගිය හමුදා රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට සුබසාධන කටයුතු පහසුවෙන් සිදු කිරීමට හැකියාව තිබෙනවා.

(colombotimes.lk)