2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 178ක් රැස් කළා.
මේ සමඟින් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 179ක ඉලක්කයක් හිමි වී තිබෙනවා.
(colombotimes.lk)
