colombotimes.lk
සිංහල | English

18 October 2024


අධික උණුසුමෙන් ඇමරිකාවට දැඩි බලපෑම්



ඇමරිකාව පුරා මිලියන 100කට වැඩි පිරිසක් අධික උෂ්ණත්වය හේතුවෙන් අපහසුතාවයට පත්වී තිබෙනවා.

ඒ අනුව වර්ජිනියාවේ සිට නිව්යෝර්ක් දක්වා විහිදී යන අධික තාප තරංග හේතුවෙන් බැල්ටිමෝර් සහ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තවලින් ඊයේ (23) දිනයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ක් වාර්තා වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

එය සාමාන්‍ය මට්ටමට සාපේක්ෂව අංශක 15ක පමණ වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

එරට කාලගුණ අංශය අනතුරු අඟවා ඇත්තේ අද (24) දිනයේදී අධික උෂ්ණත්වය නෙබ්‍රස්කා සහ කැන්සාස් වෙත බලපෑම් කරන බවයි.   
(colombotimes.lk)