22 May 2026

logo

අපරාධ රැසකට සම්බන්ධ ව්‍යාජ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට



වෙද නලාවක්, වෛද්‍ය නිල ඇඳුමක් සහ ව්‍යාජ හැඳුනුම්පතක් ඇතුළු තවත් උපකරණ රැසක් සමඟ අපරාධ රැසකට සම්බන්ධ යැයි කියන ව්‍යාජ වෛද්‍යවරයෙක් පොළොන්නරුව දීප උයන අසලදී ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 59ක් වන කුරුණෑගල පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කළේ බොරැල්ල, නුවර, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන පොලිස් ස්ථාන මඟින් මෙම සැකකරු විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිට ඇති අතර ඔහු වසර දෙකක කාලයක් බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙක් බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි.

එමෙන්ම අදාළ සැකකරු අද (06) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)