31 May 2025


සෙවනගල කර්මාන්තශාලාව වැසීයාමේ අර්බුදයක් ගැන ගොවීන්ගෙන් චෝදනා



සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වැසීයාමේ අවදානමක් පිළිබඳව මාධ්‍ය විසින් වාර්තා කරන පුවත් තරයේ ප්‍රතික්ෂේප කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ලංකා සීනි සමාගම හෝ වත්මන් රජය විසින් එවැනි තීරණයක් ගැන සාකච්ඡා කර නොමැති බවයි.

මෙම පුවත තුළ අඩංගු උක් අස්වැන්න මිලදී නොගන්නා බවට පළවන කරුණුද සාවද්‍ය බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

පසුගිය රජය යටතේ පාඩු ලබමින් තිබූ මෙම ආයතනය නව පරිපාලනය මඟින් නව අලෙවි සැලැස්මක් යටතේ පාඩුව අවම කර ගනිමින් මෙහෙයුම් කටයුතු ඉදිරියට කරගෙන යන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළා.


(colombotimes.lk)