Medium Size එක ලොකු වැඩියි. Small Size එක කොට වැඩියි. කඩෙන් ඇඳුමක් ගත්තත් හැමදාම Tailor Shop ගානේ අරගෙන යන්න ඕනේ. පුදුම දුකක් විදින්නේ. ඇත්තටම ඒක ලොකු වේදනාවක් වගේම හිතටත් ලොකු අවුලක්. හරියට Fit වෙන ඇඳුමක් නැහැ, ගන්න ඒවා ගැළපෙන්නේ නැහැ, ඇදලා බලලා ගෙදර ගෙනාවම හිතපු තරම් Look එකක් නැහැ. ඔයාටත් මේ වගේ ප්‍රශ්න තියෙනවද ? අද Be Happy අරගෙන ආවේ කෙට්ටු ගතිය අඩුවෙන් පේන්න හැන්ඩියා වගේ ඉන්න හැටි ගැන.
1. Long Sleeve t-shirt
ගොඩක් කෙට්ටු කොල්ලොන්ගේ Arms ගොඩක් පොඩියි. Mussels මුකුත් නැහැ. ඉතින් ඔයාට පුළුවන් Long Sleeve t-shirt එහෙමත් නැත්නම් Long Sleeve Shirt අදින්න. Long Sleeve ඇඳුම් වලින් ඕනෑම කෙනෙක්ට අමුතු Look එකක් ලැබෙනවා. ඒ වගේම Long Sleeve Shirt වල අමුතුම Vibe එක්ක තියෙනවා. හැබැයි Long Sleeve t-shirt අදිද්දී අත් දිගට දාලා නම් අදින්න එපා. ඔයා අදින්නේ t-shirt එකක් නම් අත ටිකක් උඩට උස්සන්න. ඔයා අදින්නේ Shirt එකක් නම් මතක ඇතුව වැලමිටට ටිකක් පහළින් නවන්න.
2. Layer කරන්න
Layer කරනවා කියන්නේ යටට t-shirt එකක් ඇඳලා ඊට උඩින් Shirt එකක් නැත්නම් Jacket එකක් දාන එක. t-shirt එකක් එක්ක Long Sleeve Shirt එකක්, Special Time එකකදී Blazer එකක් වුණත් දාන්න පුළුවන්. එහෙම නැත්නම් Shirt එක ඇතුලෙන් t-shirt එකක් අදින්න පුළුවන්. Layer කලාම ඔයාගේ පපුව, උරහිස, අත් දෙක ටිකක් පිම්බිලා පේනවා .ඒකෙන් ඔයා ගොඩක් කෙට්ටුයි කියන එක එළියට පෙන්නේ නැහැ. උඩින් අදින්න Jacket එකක්, Shirt එකක් තොර ගද්දි ගනකමින් අඩු Material එකකින් තියෙන Shirt එකක් තෝරාගන්න. එතකොට ඕනෑවට වඩා පිම්බිලා පෙන්නෙත් නැහැ.
3. හරස් ඉරි
කෙනෙක් අපි දිහා බලන්නේ උඩ ඉදලා යටට එහෙමත් නැත්නම් යට ඉදලා උඩට. කිසිම වෙලාවක කිසිම කෙනෙක් අපි දිහා හරස් අතට බලන්නේ නැහැ. ඉතින් ඔයා කෙට්ටු කොල්ලෙක් නම් ඔයාව මහතට පේන්න ඕනේ නම් කරන්න පුළුවන් දෙයක් තමයි හරස් අතට ඉරි තියෙන Shirt අදින එක. එතකොට දකින කෙනෙක්ගේ ඇස් ඒ Lines දිගේ ඇදිලා යනවා.
4. V කර තියෙන ඇදුම් එපා
V කර තියෙන ඇදුම් ඇන්දම ඔයාගේ කෙට්ටු බව වැඩිපුරත් එක්ක පේනවා. ඉතින් ඒ නිසා V කර තියෙන ඇදුම් වෙනුවට රවුම් කරක් තියෙන ඇදුම් තෝරාගන්න උත්සහ කරන්න. ඒ වගේම තමා කොලර් තියෙන Shirt තෝරාගන්න කොටත් ටිකක් ගනකම් කොලර් එකක් තියෙන Shirt එකක් තෝරාගන්න. කොලර් එක ගනකමින් අඩු වුණාමත් ඔයාව කෙට්ටුවට පේන්න ගන්නවා.
5. Skinny Jeans එපා
Skinny Jeans වලින් කරන්නේ ඇඟ තද කරන එක. Mussels ඇතුළට තෙරපන එක .ඒක නිසා ඔයා Skinny Jeans ඇන්දොත් තවත් කෙට්ටුවට පේන්න ගන්නවා. හරියටම කිව්වොත් එතකොට ඔයාව ඇවිදින ඉරටු කෑලි දෙකක් වගේ තමයි පෙන්නේ. කෙට්ටු ඔයාට හරියටම Match වෙන්නේ Slim Fit Jeans. එතකොට Slim Fit වල තියෙන වෙනස තමයි Skinny Jeans වල වගේ Mussels තෙරපන්නේ නැහැ. ඒ වෙනුවට ඇඟයි කලිසමයි අතරේ පරතරයක් තියෙනවා.
ඉතින් ඔයත් කෙට්ටු කොල්ලෙක් නම්, කෙට්ටු බව ගැන හිතෙන් දුක් වෙනවා නම් අදම ඔයාගේ Dressing Type එක Be Happy කිව්වා විදියට වෙනස් කරලා බලන්නකෝ. ඔයාටම ලොකු වෙනසක් බලාගන්න පුළුවන් වෙයි.
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)