යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ කුරුණෑගල, හෙරලියාවල අලකොළදෙනිය අතුරු මාර්ගයේදීයි.
එම අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 43ක් වන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)
