17 September 2025

logo

ත්‍රීරෝද රථයක් යතුරු පදියක හා කාර් රථයක ගැටී මාරක අනතුරක්



කොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඊයේ (16) පදික මාරුව අසළ නවතා තිබූ යතුරු පැදියක හා කාර් රථයක ගැටී මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රෝහණ විහාරය අසළදීයි.

එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ කාන්තාවගේ අතෙහි සිටි කුඩා දැරියක් සහ තවත් දරුවෙක් බරපතල තුවාළ ලබා රිච්වේ ළමා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කුඩා දැරිය මිය ගොස් ඇති අතර තවත් තිදෙනෙක් ට්‌ හුවල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ වයද අවුරුදු 03 දින 23ක් වූ පට්ටිය හන්දිය කැළණිය ප්‍රදේශයේ කුඩා දැරියක්.

(colombotimes.lk)