ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවත් සමඟ මල්වතු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසලෙයි සහ නානාත්තන් යන දිස්ත්‍රික් ලේකම් කොට්ඨාසවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.
මේ අතර මෙරට ප්‍රධාන ජලාශ 73න් 45ක් වාන් මට්ටමට ළඟා වී තිබෙන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)