31 March 2025


අතුරු බෝගවලටත් පොහොර සහනාධාරයක්



යල කන්නයේ අතුරු බෝග වගාවන් සඳහාද රුපියල් 15,000ක පොහොර සහනාධාරයක් ලබාදීමට තීරණය කළ බව කෘෂිකර්ම හා පශූ සම්පත් අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ නිර්දේශ මත කුඹුරු ඉඩම්වල අතිරේක බෝග වගාවන්ට යොමු වන ගොවීන්ට පමණක් මෙම සහනාධාරය හිමිවන බවයි.

(colombotimes.lk)