මෙරට වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරීමට හැකිවන ලෙස නීතී ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළේ එම අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීමට ද සැලසුම් කරන බවයි.
වෙරළ වටා ඇති ආරක්ෂිත කලාපයේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමෙන් වෙරළ ආරක්ෂිත ප්‍රදේශයට හානිවීම වැළැක්වීම ද එම වැඩපිළිවෙළේ එක් අරමුණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)