හැටන් සිංගිමලේ රක්ෂිතයේ ඊයේ (09) හටගත් ගින්න දැඩි පරිශ්‍රමයක් දරා මේ වන විට පාලනය කර ඇති බව හැටන් වන අඩවි ආරක්ෂක වි. ජේ. රුක්ෂාන් පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම රක්ෂිතයට යාබදව පිහිටි දික්ඔය බට්ල්ගල වතුයායේ ලඳු කැලෑවකට කිසියම් පිරිසක් විසින් ඊයේ තැබූ ගින්න සිංගිමලේ රක්ෂිතය දක්වා පැතිර ගිය බවයි.
එසේ පැතිර ගිය ගින්නෙන් රක්ෂිතයේ අක්කරයක කොටසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
(colombotimes.lk)