බංගලාදේශයේ තහනම් කළ අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් විසින් පවත්වනු ලැබූ රැලියක් විසුරුවා හැරීමට පොලීසිය කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩකා අගනුවර බයිතුල් මුකරම් නැමති ප්‍රදේශයේ පවත්වා ඇති එම රැලියට දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටි බවයි.
එමෙන්ම එය විසුරුවා හැරීමේදී සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් බොහෝ දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉදිරියේදී නැවත මෙවැනි පා ගමන් සිදු කරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පොලීසිය එම සංවිධානයට දැනුම්දී තිබෙන බවයි.
(colombotimes.lk)