10 March 2025


වායුගුණ දර්ශකයේ නවතම තත්ත්වය



ගාල්ල, රත්නපුර, ඇඹිලිපිටිය, මඩකලපුව සහ අනුරාධපුර යන නගරවල ඊයේ (09) වායුගුණ තත්ත්ව දර්ශකය (SL AQI) සුළු වශයෙන් අහිතකර තත්ත්වයක පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පවතින කාලගුණික තත්ත්වය මත අද වායුගුණ තත්ත්ව දර්ශකය 40ත් - 64ත් අතර අගයක දිනය පුරාම පැවතිය හැකි බවයි.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ථ මට්ටමකත් යාපනය, වවුනියාව, කෑගල්ල, නුවරඑළිය, ත්‍රිකුණාමලය, මුලතිව්, මඩකලපුව, පොළොන්නරුව සහ මොණරාගල යන නගරවල යහපත් මට්ටමකත් පැවතිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


 
(colombotimes.lk)