10 March 2025


නරක් වූ පොල්තෙල් තොගයක් පොළොන්නරුවෙන් හමුවෙයි



භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් 15,620ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොළොන්නරුව පොලිස් වසමේ කර්මාන්තපුරය ප්‍රදේශයේදීයි.

මෙම පොල්තෙල් තොගය කොළඹ සිට පොළොන්නරුව දක්වා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබුණු බව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සඳහන් කළා.

එහිදී පොල්තෙල් සහිත බැරල් 35ක් හාල් කුඩු දැමූ ගෝනිවලින් වසා රැගෙන යමින් තිබූ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)