12 May 2025


Fitch Ratings ආයතනයෙන් ලංකාවට උසස්වීමක්



ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය-මුදල් නිකුතු ශ්‍රේණිය RD (Restricted Default) හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටමේ සිට 'CCC-' වෙත උසස් කිරීමට ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පියවර ගෙන තිබෙනවා. 

මෙම උසස් කිරීම හරහා මහ බැංකුව, 2023 ජූලි මාසයේදී දියත් කරන ලද, ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්ත කිරීමේ (DDO) සැලැස්මේ දේශීය මුදල් කොටස සම්පූර්ණ කිරීම පිළිබිඹු කරනු ඇති බවයි Fitch Ratings ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
(colombotimes.lk)