ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයට නාමයෝජනා භාරදීම අද (15) සිදු කර තිබෙනවා.
එම මැතිවරණය පෙබරවාරි මස 19 වනදා පැවැත්වීමට නියමිතයි.
සභාපති ධූරය සඳහා නීතිඥ රජිව් අමරසූරිය, ආචාර්ය නීතීඥ සුනිල් අබේරත්න සහ නීතීඥ අනුර මැද්දේගොඩ යන පුද්ගලයන් තරග කිරීමට නියමිතව තිබෙනවා.
මෙම නාමයෝජනා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)