සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී තිබෙනවා.
මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට දැනුම්දී ඇත්තේ එමඟින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පමණ අඩුවන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගෙන තිබෙනවා.
(colombotimes.lk)