ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර නිල සාකච්ඡා මීට සුළු මොහොතකට පෙර ආරම්භ වී තිබෙනවා.
ඒ චීන මහජන ශාලාවේදීයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ සාකච්ඡා එරට වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ වී ඇති බවයි.
මෙම නිල සාකච්ඡාවලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිතව තිබෙනවා.
(colombotimes.lk)