12 May 2025


ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්



ගිං ගඟ ද්‍රෝණිය, කළු ගඟේ කුඩාගඟ උප ද්‍රෝණිය සහ නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීම් ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කරමින් වාරිමාර්ග (ජල විද්‍යා) අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර කියා සිටියේ මෙම අනතුරු ඇඟවීම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස ජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි. 
 
ආපදා කළමනාකරණ බලධාරීන්ගෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)