22 May 2026

logo

පරිගණක අපරාධවලට සම්බන්ධ විදේශිකයන් රිමාන්ඩ්



පරිගණක අපරාධ ජාලයකට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් විදේශිකයන් පිරිසක් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 

ඒ එම සැකකරුවන් ඊයේ (12) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

එහිදී ගාල්ල වරාය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 09දෙනෙක් එළඹෙන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

එමෙන්ම දොඩන්දූව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 55දෙනෙක් එළඹෙන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)