22 November 2024


පාස්පෝට් සහ වීසා සිද්ධිය ගැන වෝහාරික විගණනයක් කිරීමට සැලසුමක්



විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය සහ VFS වීසා සිදුවීම් සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.
 
අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සිදුවී ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා එම විගණනය සිදු කරන බවයි.

ඒ හරහා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ හදිසි අවශ්‍යතාවයකට හැර මේ මාසය තුළදී විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීමෙන් වළකින ලෙසයි.

(colombotimes.lk)