16 March 2025


වනාන්තර ගැන සංගණනයක් අරඹයි



මෙරට වනාන්තර පද්ධතිය පිළිබඳ සංගණනයක් ආරම්භ වී තිබෙනවා.

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත එදිරිසිංහ සඳහන් කළේ එහිදී වනාන්තර සිතියම් ගත කරන බවයි.

එමෙන්ම අවසන් වරට මෙරට තුළ වන සංගණනයක් 2020 වසරේදී සිදු කර ඇති බව බව ඔහු ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එහිදී මෙරට පවතින වන ගහනය 29.1% ක් ලෙස හඳුනාගත් බවයි.

දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මේ වන විට සංගණනය ක්‍රියාත්මක කර තිබෙනවා.

(colombotimes.lk)