17 March 2025


බහුදින ධීවර යාත්‍රා 02ක් ගිනි ගනියි



දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින ධීවර යාත්‍රා 02ක් අද (17) උදෑසන ගිනි ගෙන තිබෙනවා.
 
එම ගින්න මේ වන විට ගින්න මැඩපවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම බහුදින ධීවර යාත්‍රාවල හිමිකරු ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙක් සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවයි.

ගිනි ගැනීමෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති බව පොලීසිය සඳහන් කළා.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)