20 February 2026

logo

හිටපු අමාත්‍යවරයෙක්ට අධිචෝදනා බාරදෙයි



හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු තිබෙනවා.

ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධූරය දරන සමයේ රුපියල් 494,000ක මුදලක් හලාවත ප්‍රදේශයේ බැංකුවක ගිණුමකට බැරකරන ලෙස එම අධිකාරියේ නිලධාරීන්ට බල කළ බවට චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධි චෝදනා පත්‍ර අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න ඉදිරියේ භාර දී තිබෙනවා.

අනතුරුව විනිසුරුවරයා නියෝග කළේ විත්තිකාර හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙසයි.

(colombotimes.lk)