02 June 2025


හිටපු අමාත්‍යවරයෙක්ට අධි චෝදනා



හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.

ඒ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා අයථා ලෙස වත්කම් අත්පත් කර ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන්.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍යවරයාව ජුනි 09වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.

(colombotimes.lk)