19 April 2025


මර්වින් සිල්වාට එරෙහි නඩුවේ සිව්වන සැකකරු අත්අඩංගුවට



රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහි නඩුවේ සිව්වන සැකකරු වන සරත් කුමාර එදිරිසිංහ හෙවත් 'සිංගප්පූරු සරත්' නැමැත්තා අද (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවසකදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා මර්වින් සිල්වාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

(colombotimes.lk)