12 May 2025


මෙරට සියළු සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාවක්



ලෝක ළමා දිනය නිමිත්තෙන් වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු දිවයිනේ අනෙකුත් සියලුම සත්වෝද්‍යානවලට නොමිලේ ඇතුළුවීමට අවසර දෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ලෝක ළමා දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහන් ද සංවිධානය කර තිබෙනවා.
(colombotimes.lk)