11 March 2025


ප්‍රාථමික සිසුන්ට නොමිලේ ආහාර වේලක්



ප්‍රාථමික අංශවල ඉගෙනුම ලබන සෑම සිසුවෙකුටම ලබන මාසයේ සිට නොමිලේ ආහාර වේලක් ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව 1 සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් ලක්ෂ 17 කට උදෑසන ආහාර වේල ලබා දීමට නියමිතයි.

මන්දපෝෂණයට ගොදුරු වූ දරුවන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ අනාවරණයක් සලකා බැලීමෙන් අනතුරුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 16.6ක් වනවා.
(colombotimes.lk)